පාසල් ගීතය
නමදිමු සැමදා බැතින් පුදා
ගල්කන්දේගම විදුහල් මාතා .....//
උණුසුම් තුරුලේ රදවා අප සැම
ඥාන ප්‍රබෝධය වඩවාලු .........//
ශිල්ප වඩා කිතු ගොස පතුරා ලොව
නම කියවමු විදුහල් මාතා
නමදිමු සැමදා බැතින් පුදා
ගල්කන්දේගම විදුහල් මාතා .......//
ගුණදම් සයුරේ සිසිලැල් දිය බිදු
අපේ හදට ඉස්වාලු ............//
සමගිබලේ සොහොයුර පෙම රදවා
බැතින් පුදමු විදුහල් මාතා